කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .
අද රටේ දේශපාලනය යනු වැඩිම ප්‍රසිද්ධියක් දක්වනවා තේරීමයි. මා මෙසේ සඳහන් කළ විට මෙහි තේරුම විවිධ විය හැක. වගකීමක් ඇති, දර්ශනයක් ඇති, ජනතාවගේ අභිලාෂය ඉටු කිරීමේ දක්ෂතාව ඇති, අපේක්ෂකයා ප්‍රසිද්ධියක් දැරුවේ ද යැයි ප්‍රපංචයක් ගොඩනගා ගත හැක. අද මේ දූපත වන අපේ මව්බිමේ, ප්‍රසිද්ධියක් උසුලන බලවතුන් බිහි වන්නේ – ඥාති වාදයෙන්, රාජ්‍ය සම්පත් කොල්ල කෑමෙන්, නළු නිළියන් මෙන් හැසිරීමෙන්, ගෙවල් දොරවල් වාහන හා සුඛෝපභෝගී ජීවිත, සමාජ මාධ්‍ය ඒ හරහා හෙළි කිරීමෙන්, මාධ්‍ය සන්දර්ශන , ආගමික හා සංස්කෘතික කණ්ඩායම cult බිහි කිරීමෙන්, මාධ්‍ය ආයතන හරහා, විදේශ ඒජන්තවරු, රැඩිකල්වාදීන්. දේශපාලන දර්ශනවාදීන් (ලිබරල් වාදය, නව ලිබරල් වාදය, ප්‍රජාතන්ත්‍රවාදය , සමාජ වාදය, ෆෙඩරල් වාදය, ෆැසිස්ට්වාදය නිවන් මාර්ගය ) පූජ්‍ය පක්ෂ, කුඩු ජාවාරම්, වැනි අනිසි මාර්ග හරහා වේ. මේ අයගේ රියැලිටි ෂෝ එක ලඟදීම බලා පොරොත්තු වන්න.
අපි බලාපොරොත්තු වෙන වැදගත් කාරණයක් නම්, ඇඳිරි නීතිය ට ප්‍රථමයෙන් ජීවිත අස්ථාවරභාවය තේරුම් ගත්, ඉතා දරිද්‍රතාවයෙන් සිටින සමාජයේ ඇතැම් පුද්ගලයින්, තමාගේ වටිනා කරන රත්තරන් බඩු උගසට තබා උසස් කඩ වලින් මුදල් ගත් බවය , මේ අහිංසක මධ්‍යම පංතිය, එම අසරණ තත්ත්වයට පත් කළේ corona ව යැයි 225 පහසුවෙන් සිතිය හැක. එහි හේතුඵලවාදය ඉතාම දීර්ඝ කතාවකි. මට වැඩිය හොඳට ඉතිහාසය පුරා කතා පැවැත්වූ අය හා ප්‍රවීණයන් අතර සිටි, 225 දෙනා කතා කළ ද, තීරණ ගන්නේ අතළොස්සක් බව අපි හොඳින් දනිමු. තමාගේ කන කර වලලු මගුල් මුදු දැන් ඇත්තේ, උගස් බඩු සාප්පු වල ය. මුලින් දවස් පහක ඇඳිරි නීතිය දන්නවා සිටි වෙලාවේ ඒ කාලසීමාවට අවශ්‍ය කරන බඩුබාහිරාදි ගැනීමට තමාගේ දැ උගස් තිබ්බ බව, අපි කවුරුත් දනිමු.
මොවුන් නිදහස් කර ගැනීමට මා යෝජනා කරන්නේ, රජයෙන් බැංකුවල විශාල ණය නිදහස් කරගැනීමට මහ බැංකුව හා මූල්‍ය ප්‍රතිපාදනය ඉදිරිපත් වේ . 2008 ලෝක ආර්ථිකය ගොඩ ගැනීමට ඇමරිකාවේ තිබූ, බැංකු නිදහස් කිරීමට ඇමරිකානු රජය bailout ඉදිරිපත් විය. එසේම ජාතික උගස් බැංකුව, මහජන බැංකුව සහ ලංකා බැංකුව ඉදිරිපත් වී මෙම කාල සීමාවේ පෞද්ගලික උගස් බඩු සාප්පු හිමියන්ගේ උගස්, තම භාරයට ගෙන මෙම ණය සින්න වීමට ඇති අවදානමෙන්, බැංකු ඉදිරිපත් වී නිදහස් කළ යුතු ය. රජය ආරක්ෂා කළ යුත්තේ බැංකු පමණක් නොවේ. රජය මුද්‍රණය කරන මුදල් වලින් සහ ලැබෙන බදු ආදායමෙන් දුප්පත් ජනතාවට සහන ලබා දීම ප්‍රධාන වගකීමකි. රටේ මූල්‍ය ක්‍රමය පාලනය කරන්නේ, විවිධ මූල්‍ය සමාගම් වල විනිමය අනුපාතය, පොලී ප්‍රතිශතය, මූල්‍ය ක්‍රමය පාලනය කරන්නේ ද, වගකීම ද ,රජයයි.
ඉතිහාසයේ මූල්‍ය ක්‍රමය, පා වීමට ඉඩ දී, විශාල මූල්‍ය වංචා විනිමය වංචා වූ බව ,මාධ්‍ය හරහා දැන ගන්නට ලැබී ඇත. මෙම මූල්‍ය ක්‍රමයේ ඇති පුරප්පාඩු වැඩිම අපයෝජනයට ගන්නේ, ජාතිවාදී සහ ආගම්වාදී කල්ලි වන අතර, රජයේ මූල්‍ය පාලනය තර කර 225ක් පත් කර ප්‍රසිද්ධ වීමට හැකියාව ලබා දුන්න සංවිධාන තර වීමට ඉඩ නො දී, බහුතරයට සාධාරණය කෙරෙන මූල්‍ය පාලනයක් ඇති වන බව විශ්වාසයක්, ජනාධිපති මැතිවරණයේ දී ජනතාව තැබුවේ ය.
ජනාධිපතිතුමා පත් කිරීමට රටේ උගතුන් සහ විදියතුන් ඉදිරිපත් වූ බව රහසක් නො වේ.
විවිධ ඩයස්පෝරා හරහා රැඩිකල් ආගම්වාදීන් ට, දේශපාලන දර්ශනවාදීන්ට, ජාතිවාදීන්ට නිදහසේ මුදල් ගෙන යාමට ඉඩ දී තිබූ, මේ මූල්‍ය ක්‍රමය නිසි පාලනයකට පත් කිරීමෙන් සහ විධිමත් විගණන ක්‍රමයක් බිහි කිරීමෙන්, පාස්කු ප්‍රහාර වැනි දෙයක් නැවත ඇතිවීමට තියෙන ප්‍රවණතාවය අඩු කරනවා පමණක් නො ව, මොවුන් සමග තිබෙන විශාල මුදල් පාලනයකට යට කිරීමට හැකි වනු ඇත.
කන කර උගස් තියා ,බඩගින්න නිවා ගත් අසරණ මව්වරු දුවා දරුවන් ගැන සිතීම, අපේ වගකීමකි. මොවුන්ගේ බඩ ගින්න නිවා ගැනීමට සහනාධාර මලු බෙදා දෙන්නේ මෙම dayaspora ආගම් වාදී ජාතිවාදී කණ්ඩායම් වලට, විදේශයන්ගෙන් ලැබෙන මුදලින් වීම, ඉතා අහිතකර තත්ත්වයකි. ඇමරිකාවේ එක් පුද්ගලයෙකුට ඩොලර් 1200 කින් ආධාර කිරීම ඉතාම සුවිශේෂයි. පලස්තීනයේ ඇති බෙදුම්වාදී ප්‍රශ්නය දිගු කාලයක් පැවැත්මට හේතු වූයේ, ඒ රජයට ආධාර නොකර, රටේ බලවත් කණ්ඩායම් වලට විදේශ ආධාර ලැබීම නිසා ය. මෙයින් සිදු වන්නේ තම කණ්ඩායම, රජයට වඩා ශක්තිමත් වීම ය.
රටට අවංක නැති විදේශ සංවිධාන වල ඒජන්තවරු , අද දාන පතිවරුව හැටියට පෙනී සිටීම, ඔවුන් ඉතිහාසයේ කළ වැරදි, නිවැරදි නොවන සේම, අනාගතයේ එවැනි ක්‍රියාදාම ඔවුන් අතින් නො වන බවට කිසිම සහතිකයක් ද අපට නැත. අද රටේ අනාගතය තීරණය වන්නේ එකමුතු කමේ ප්‍රතිඵලයක් බව කවුරුත් දනී. එකමුතු කම බිහිකළ හැක්කේ, කතාවෙන් සහ සිනහවෙන් නො ව Context ක්‍රමවේද ස්ථාපිත කිරීමෙන් බව, මූල්‍ය පරිපාලනය පිළිබඳ ආර්ථික විශ්ලේෂකයෝ, විගණකාධිපති, බදු නිලධාරීන්, මහ බැංකු අධිපති, භාණ්ඩාගාර අධිපති, නීති පති හොඳින් දනී. ඔවුන් රටට යුක්තිය කරනවා වෙනුවට ,ඔවුන් පත් කළ 225 ආරක්ෂා කිරීම ඔවුන්ගේ පෞද්ගලික ක්‍රියාදාමයට සහන දීම, රාජකාරිය පැහැර හැරීමක් බව නිසැක ය.
අද ලංකාව මෙම ව්‍යසනයෙන් ගොඩ ගැනීමට, බුද්ධි අංශය කළ සේවය, ආගම් වාදී ජාතිවාදී දේශපාලන න්‍යායපත්‍රය විනාශ කිරීම ද එසේමවූ වගකීමකි. ජනාධිපති මැතිවරණයේ උගතුන් සහ වියතුන් බලාපොරොත්තු වූයේ, දරිද්‍රතාවයෙන් නිදහස් සුදුස්සාට සුදුසු තැන දෙන රටට සහනය ගෙන දෙන, ආර්ථිකයක් ය.
අවසාන වශයෙන් අපේ රැටියන්ට ,අපේ රටට ආපසු එමට නො හැකි කිරිම ජාත්‍යන්තර නීතියට විරුද්ධ බව මා සඳහන් කළ යුතු ව ඇත. නාවික සෙබළා ද රට විරු වාද අප එක සේ සැලකිය යුතුය.
කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .