කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .

[16:21, 5/7/2020] Kumudu Fonseka: ලොක්ඩවුන් තත්ත්වයෙන් රට විවෘත කිරීමට ඡන්දයකට යාමට බලාපොරොත්තු වෙන්නේ නම් රජය කල් නොතබා රැකියා ආරක්ෂා කරන, ජීවිකාව ආරක්ෂා කරන, කුඩා ව්‍යාපාර ආරක්ෂා කරන , නවඋත්පාදනය හරහා නව කර්මාන්ත ක්ෂේත්‍රය හා කෘෂි කර්ම ක්ෂේත්‍රයක් සමන්විත බුද්ධිමත් ආර්ථික සැලැස්මක් රටටත්, ජාත්‍යන්තරයටත්, කල් නො යවා ඉදිරිපත් කළ යුතුය.
අද රැකියාවක් අහිමි වීම තමාගේ ආදායම් මාර්ගයත් අහිමි වීම සේම, තමා ඇති කර තිබූ ප්‍රතිරූපය සහ ජීවත් වීමට හේතුව, නැතිවෙනවා සේය. අද නිෂ්පාදන ක්ෂේත්‍රයේ මෙන් ම කර්මාන්ත වල ද ,සේවකයින්ට රැකියා අහිමි වීම දකින්නට පුළුවන. නේවාසික පහසුකම් දෙන හෝටල් ක්ෂේත්‍රයේ මෙන්ම, ආපන ශාලා සහ අවන්හල ක්ෂේත්‍රයේද , ඉහළ පෙළේ පසුබැසීමක් දකින්න ලැබීම අපි බලාපොරොත්තු විය යුතු ය.සමහර අංශ වල 20% ක රැකියා අහිමි වීමක් ද (මිලියන භාගයකට පමණ සේවක පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාර සේවයට බැඳී සිටී) එමෙන්ම සංචාරක සේවා අංශයේ සියයට හතළිහක් පමණ රැකියාවන් අහිමි වීමක්, බලාපොරොත්තු විය හැක.
ලංකා ආර්ථිකය corona ව ට පෙර රැකියා ව්‍යුහය පිළිබඳ ව කතා කළ හොත්.

  • ඉහළ වැටුප් ගෙවීම නිසා පිරිවැයෙන් ඇතිවෙන උද්ධමනය, අලුත් ඉදිරිපත් වන කුඩා පරිමාණයේ ව්‍යවසායක අශ්‍යතාවය මුදුන්පත් කර ගැනීමට නොහැකියා වී තිබේ. FDI හරහා එන ආයෝජන ද වෙනත් රටවල් වලට ගලා යයි. එය හරහා ඇතිවෙන රැකියා ඇතිවන අවකාශය අහිමි වීම රටකට විශාල පාඩුවක්.
  • ලංකා වේ ආර්ථිකය ගොඩ නැගීමට ඇති ශ්‍රම හමුදා වෙන්, මිලියන දෙක හමාරක් විදේශගත ව, විශේෂයෙන් අරාබිකරය වැනි රටවල් ගොඩනැඟීමට දායක වෙති. මුදල් ආයෝජනය හරි ප්‍රතිඵල ගැනීමට නම්, ශ්‍රම ආයෝජනය, සමායෝජනය වැදගත් වේ .
  • අප රටේ ප්‍රධාන අපනයන බෝග ප්‍රවර්ධනයට, ශ්‍රම හමුදාවක් නොතිබීම එසේ ම පවතින ශ්‍රමිකයන්ගේ ඉල්ලීම් සැපයීම හරහා, එම ක්ෂේත්‍රයෙන් ක්‍රමයෙන් කඩා වැටී ගෙන යයි.
  • විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමගම, ප්‍රමිතියෙන් අඩු අධ්‍යාපන ආයතන විශාල ප්‍රමාණයක් අලුතින් බිහි වනු හෙයින් ,තරුණයන් අධ්‍යාපනයේ නියැළී සිටින කාලසීමාව දීර්ඝ වුව ද, රටේ අවශ්‍යතාවයට නැඹුරු වූ අධ්‍යාපන ක්‍රමයක් බිහි නොවීම නිසා ,තරුණ රැකියා වියුක්තියක් සහ ඌන රැකියා නියුක්තියක්, රටේ අසහනයට හේතු වී ඇත.
  • 70% පමණ සේවකයින් නුපුහුණු Unskilled සේවකයින් බව මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් කියා සිටිනවා මා දුටුවෙමි. එය මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් පිළිගත හොත් ,1977 සිට ඇති කළ නිදහස් ආර්ථිකය, 1980 සිට කළ භූගෝලකරණයට ණයගැති වී, රටේ ව්‍යාපාර සහ සේවා ශේෂ්ත්‍රයන්ට දුන් ආධාර, අප රටේ පෞද්ගලික අංශය ,ඔවුන්ගේ සේවකයින්ගේ ශ්‍රම සූරා ගත්තා පමණක් නො ව, ශ්‍රම නිපුණත්වය ට විය යුතු යුතුකම, ඉටු කර නැති බවයි මට හැඟෙන්නේ. විශ්ව විද්‍යාල, technical college, පශ්චාත් උපාධි ආයතන බිහි කළේ කවුදැයි, මා ප්‍රශ්න කරමි. 1980 දශකයේ සිට අපි විදේශයන්ට කියා සිටියේ, ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉතා ම කේන්ද්‍රස්ථානයක වන අතර ඉහළ සාක්ෂරතාවයක් ඇති දක්ෂ ශ්‍රම හමුදාවක්, අඩු මිලට ඇති රටක් හැටියටයි. එදා අද, රටටත් ,ශ්‍රමිකයන්ට ගිය කල මා පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ නැත. මනා කළමනාකරණ නැති රටවල් වල ,වෘත්තිය සමිති ප්‍රමුඛ වන්නේ නිසා ය.
  • වයස අවුරුදු 55 න් විශ්‍රාම යවා ,විශ්‍රාම වැටුප් ගෙවීම රටට විශාල බරකි. දේශපාලනයෙන් තොර ව අප කළ යුත්තේ, මෙම ඉහල නිපුණත්වයක් ඇති ශ්‍රම දායකත්වය රටට අහිමි නොකර, ඔවුන්ට සෞඛ්‍ය ක්‍රමය දියුණු කිරීම. විශ්‍රාමිකයන්ගේ පුරප්පාඩු ව රජයේ රැකියා දීමේ දක්ෂතාවයක් හැටියටයි අද පෙනී සිටින්නේ.
  • ඌන සේවා ඇති කෘෂිකර්මය, අධ්‍යාපන, ප්‍රවාහනය, කර්මාන්ත ක්ෂේත්‍රයේ, රාජ්‍යයේ පරිපාලනයේ කාර්යක්ෂම නොවන ,දූෂිත, යහ පාලනයෙන් තොර, දේශපාලන හෙන්චයියලා ගෙන් සේවා ස්ථාන පුරා ගොස් ඇත.
    විදේශ ගත සේවකයන්ගේ රැකියා අහිමි වීම පිළිබඳ ව සලකා බලන විට විශාල පවුල් ප්‍රමාණයක් අසරණ වීමට යන බව හොඳාකාරව පෙනී යයි. මෙරටට මුදල් $ මිලියන නමයක්, වාර්ෂිකව එව්වෙ, වෙනත් රටක පුරවැසි භාවය ප්‍රාර්ථනා නොකරන, විශාල පරිත්‍යාගයක් කළ, ශ්‍රම හමුදාවක් ය. මිලියන භාගයකට වැඩි ය සේවක පිරිසක් ,රැකියාව අහිමි වී තම මවු බිම බලා පිටත් වනු ඇත. ඔවුන් රටට බරක් නොවේ නම් ආයෝජනයක් වනු ඇත.
  • මැදපෙරදිග සේවකයින් රැකියා අහිමි වී නැවත තම රට බලා පිටත් වීම හේතුවෙන් ඔවුන්ගේ අතිකාල දීමනා, රට තුළට තුළට ගෙන ඒම, තාවකාලික සහනයක් රුපියලේ අගය ට එකතු විය හැක. එම මුදල කළමනාකරණය කිරීම රාජ්‍ය වගකීමකි.
  • දැනටමත් රැකියාවල් අහිමි වී ඉඳුම් හිටුම් වත් හරියාකාරව නැති, ඉතිරි කළ ගත්තු මුදලින් ජීවත්වෙන අපි ,ඒ ලාංකිකයින්ට දොර විවෘත විය යුතු ය.
  • සමහරක් එම රටවලින් ණය මුදල් ගෙන ලංකාවේ ආයෝජනය කළ ද ,ගත් මුදල් බැංකුවට නොගෙවීමේ නොහැකියාවෙන් සිරගත වීමට සිදු වී ඇත.
  • පවුල් පිටින් මැදපෙරදිග ජීවත් වූ සමහරකට, මේ රටේ ගෙයක්වත් නොමැත.
  • ගෙවල් දොරවල් ගොඩ නැඟීමට, ලංකාවේ බැංකු වලින් ණය ගත් උදවිය පිළිබඳව, බැංකු හොඳාකාර දනී . එම ගෙවල් දොරවල් සින්න වීමට යන බව අපි දනිමු.
  • ඒ එන දරුවන්ට පාසැලක් ලබා ගැනීමට පහසු වන්නේ නැත. ඔවුන් ඉගෙනුම ලැබීය ඉහළ ප්‍රමිතියක් ඇති පාසැල් වල බවද, සඳහන් කිරීමෙන් මා උත්සාහ කරන්නේ, ලංකාවේ අධ්‍යාපනය බාල්දු කිරීමක් නො වේ.
  • රට සිටි කාලෙ මේ සෑම සියලු සේවකයෙකුටම, යැපෙන්නන් සිටි බව අපි කවුරුත් දනිමු.
  • සමහර දරු වන් විදේශගත ව විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන්නේ, විදේශ ගත ආදායම බලාපොරොත්තුවෙන් වුවද, අද එම මුදල නො ලැබීම දරුවාගේ අඛණ්ඩ අධ්‍යාපනයට බාධාවක් වනු ඇත.
  • සමහරු එක් රැස්කර ගත මුදලක් ඇතත්, එම මුදල ලංකාවට ගෙන ඒම, රටට සුබවාදී වුවද ඔහුට ඒ මුදල අහිමි වන්නේ ඉතාම කෙටි කාලයකින්.
    ඉහත කී කාරණා සම්බන්ධයෙන් ,රජය ක්ෂණිකව තීන්දු ගැනීමෙන් රට විරුවන්ට අභිමානයෙන් ජීවත් වීමට අවකාශයක් සලසා දිය හැකිය. මේ පිළිබඳ හැඟීමක් නැති කෙනෙකුට, පිළියම් දැනුවත් වෙන්නේ ද නැත. ගරු ජනාධිපති තුමනි, විදේශගත අපේ සේවකයන් සහ දරුවන් ආරක්ෂා කිරීමෙන් රට ආරක්ෂා වන බවත්, රටේ පාලකයා ආරක්ෂා වන බව ද, පිළිගැන්වීමෙන් සියලු දෙනාට යහපත්ය .
    මේ අතරේ උගත් පිරිසක් සිටින බැවින්, ඒ පිළිබඳ වැටහීමක් ඔබට නැති නම්, ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමට, අප කණ්ඩායමක් හැටියට ද සූදානම් බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. අවශ්‍ය ආර්ථික සැලැස්ම ඔබ සමග අපට බෙදා ගත හැක. විදේශ අමාත්‍යංශයේ පැරණි සේවකයින් පන්නා දමා, අලුත් විදේශ ප්‍රතිපත්තියක් ගරු දිනේෂ් ගුණවර්ධන ඇමති සමග කළ හැකි ය. සාර්ව ආර්ථික ප්‍රශ්න හඳුනා ගෙන, එයට road map සෑදීමට හැක්කේ, දක්ෂ කැසිනෝ, ෆයිනෑන්ස් කොම්පැනි, වරලත් ගණකාධිකාරීන් සහ ව්‍යාපාරිකයන්ට නොවේ. Public finance, පිළිබඳ දක්ෂයෝ මහ බැංකුවේ භාණ්ඩාගාරය සහ රාජ්‍ය පරි පාලනයේ දක්ෂයො නැතුවාද නොවේ .
    කුමුදු ෆොන්සේකා
    [21:31, 5/7/2020] Kumudu Fonseka:
  • කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .

කියවන්න:  අපට පුතේ මගක් නැතේ-කුමුදු ෆොන්සේකා.