කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .

රටේ පලවෙනි දෙවෙනි සහ තුන්වැනි බලාපොරොත්තුව විය යුත්තේ රැකියා උත්පාදනය
කොරෝනා නැමති වසංගතය ජය ගැනීම යනු රටක් ජාතියක් දරිද්‍රතාවෙන් බේරා ගැනීමයි. (Putting country above party that brought poverty). අද රට ගොඩ ගැනීමට ජාතික සමගිය සඳහා මොර දෙන්නේ, රට බෙදූ අවුරුදු 50 මුළුල්ලේ බෙදුම්වාදයක් බිහි කළ පාලකයින් වීම, කනගාටුවට කාරණයකි. අද විශාල මාධ්‍ය ආයතන, රජය විසින් කළ යුතු සුබසාධන වැඩ කටයුතු භාර ගෙන තිබේ . බුරන බල්ලන්ට පොල් ලෙලි දෙනවා යැයි කියමනක් ඇත. නිසි සහනාධාර දීම හරහා, මෙම වියසනය යෙන්බිහිවූ සරණාගතයන්, අසරණයන් ආරක්ෂා කිරීමෙන්, රජයට, සාමාන්‍ය ජනතාව ගෙන් අවශ්‍ය කරන සහයෝගය ලබා ගැනීමට හැකි වන බව, පැහැදිලි ය.
මෙවැනි අවස්ථාවක දී රජය විසින් ගත යුතු පියවරක් වන්නේ මුදල් මුද්‍රණය කර සහනාධාර සාධාරණව බෙදා දීමයි. මේ බව මා ප්‍රසිද්ධියේ කියා සිටියේ, මාසයකට පමණ ප්‍රථමයෙන්. ඒ දෙය ඒ අවස්ථාවාදී නොදුන් නිසා පක්ෂ දේශපාලනය එය උපයෝගී කර ගෙන රජයට බලපෑම් කරයි. අනිවාර්යයෙන් මහ බැංකුව සහ භාණ්ඩාගාරය මුදල් මුද්‍රණය කළේ නම්, එය විමධ්‍යගත කළ ආකාරය පැහැදිලි කිරීම, ජනතාවට වැදගත් ය. අනාගත ජාතික සමගියට මෙය පැහැදිලිව විවෘතව ප්‍රකාශ කිරීම, ජනතා අභිලාෂය ඉටු කිරීම නිසා ජනතාවගේ සහාය ලැබෙන බව, විශ්වාසයයි . නමුත්, අපේ රටේ සාධාරණ සහනාධාර දෙන්නේ, රාජ්‍යයෙන් නොව පක්ෂයකින් යයි කියා සිටීම කනගාටුවට හේතුවකි. පක්ෂ වලින් ජනතාවට කිසිම දෙයක් කලේ නැත. පක්ෂ සැදෙන්නේ මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයෙන් මුදල් වලින් බව, අපි නො දන්නා කරුණක් නො වේ.

දේශපාලනඥයන්ගේ රැස්වීම් වල ,මල් පෝච්චි මෙන් සිටී පූජකයෝ ද, අපේ සංඝයා වහන්සේ ද, මාධ්‍ය දානයට සහභාගි වීමෙන්, අසරණ පවුල් වලට ලැබෙන්න තිබෙන සහනාධාර වළක්වනවා පමණක් නොව ,සහනාධාර අවම වීම සාධාරණ කරණය කිරීම බව, පෙනී යයි.

කියවන්න:  අධ්‍යාපනයේ නවුමු සංකල්ප දැන්වත් භාවිතයට ගමු -කුමුදු ෆොන්සේකා

අද ඇති වන උද්ධමනය ,දේශීය ආහාර සඳහා වීම, දේශීය ආර්ථිකය ගොඩ නැඟීමේ පලවෙනි අදියර බව පිළිගත යුතු ය. රටක පාලනයක් යටතේ උද්ධමනය, මුදල් ආයෝජනයට ශ්‍රම දායකත්වය ට, උපකාර වන බව, ආර්ථික විද්‍යාඥයෝ හොඳින් දනී. කෘෂි කර්මය සහ ගෙවතු වගාව ,අද වන විට සෑහීමට පත්විය හැකි වර්ධනයක් ඇති වී තිබීම, අගය කරන අතර ,රජය විසින් සහල් පාලනය කිරි මට ගත් පියවර ද, උගත් ජනතාව පසසන අතර, අනිත් අත්‍යවශ්‍ය ආහාර වර්ග මිල පාලනය කිරීම, වැදගත් ව ඇත. අද ගෙවතු වගාවන් සහ කෘෂි කර්මාන්තයේ ප්‍රවර්ධනයට, කිසිම දේශපාලනඥයකුට ලකුණු දමා ගැනීමට, අවශ්‍යතාවයක් නැත.එය අතීතියේ රජය නොසලකා තිබූ ජනතාව කළ, මහඟු ස්වේච්ඡා මෙහෙයකි, සේවයකි. ඉඩම් අයිතිය පිළිබඳ ඇගයීමක් කිරීම ඉතාම වැදගත් ය. පොදු ගොවි බිම් බිහි කිරීමෙන්, අවම ආයෝජනයකින් අස්වැන්නක් ලබාගැනීමේ හැකියාවක් ඇත. රජයේ ඉඩම් අක්කර දෙකකට වැඩි , පත්‍රිකා හා පසු ව සින්නක්කර කර ගත් ඉඩම් මං කොල්ලය විමර්ශනය කර, එය රජයට ලබා ගැනීමට කටයුතු කළ යුතුය. සෑම රජයේ බදු ඉඩමක උපරිම කාල සීමාව, අවුරුදු විස්සකට සීමා කළ යුතුය. පසු ගිය අවුරුදු දෙකේ කිසිම අස්වැන්නක් නොලැබූ ඉඩම් වල බදු, අහිමි කළ යුතු ය.ඒවා පොදු ඉඩම් කිරීම හරහා, ඉහත රාජ්‍ය මුදල් ආයෝජනයක් ද ,ගොවීන්ගේ ශ්‍රමය ආයෝජනය එකතුව හරහා පාලු ඉඩම් නැති කළ යුතු ය. (No longer to have no mans land.)

මෙම ගොවි ජන පද සහ පොදු ගොවි ඉඩම් සංකල්පයක් හරහා වැඩ කිරීමෙන්, ආර්ථිකයක් බිහි වෙන ගමන් ,අප රටේ නාරටිය වූ කෘෂි කර්මය දියුණු කරන ගමන්, එම ජනගහනයේ අධික දරිද්‍රතාවය නැති කරනවා ඇත. රටේ පාලකයා ද සහ සංවිධාන වලට අනාගතය දකින්නට බැරි නම්, සැලසුම් කිරීමට හැකියාවක් නැති නම් ,ඔවුන්ගේ හිස පොළොවේ දැකිය හැකිය. අදටත් සියයට තිස් හතක් සේවා ආයෝජනයවී තිබෙන, කෘෂි කර්මය 1970ට ප්‍රථමයෙන් තිබූ සියයට 55 දක්වා වෙනස් කිරීම, නායකත්ව අරමුණ විය යුතුයි.

කියවන්න:  සුනිල් පෙරේරා: ලාංකේය ජන ජීවිතයට වඩාත් සමීප සංගීත පුරාවෘත්තය

මෙම ව්‍යසනයෙන් පසු, කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල වෙනසක් වෙන බව ද ,අප පිළිගත යුතුය. අඩු සේවක පිරිසක්, කාර්යයක්ම සේවක පිරිසක් සහ තාක්ෂණික හැකියාවක් එකතු කරගත් කාර්යාල සංකල්පයක් සහ ඔබත් සමඟ ඔටෝමේෂන් සංකල්පය, වැඩි දියුණු වන වෙනවා ඇත. ඒ මගින් ,අඩු සේවක පිරිසක් හරහා කාර්යක්ෂමතාවයෙන් ඉහල කර්මාන්ත බිහි වීමෙන් සීමිත රැකියා ප්‍රමාණයක් ඇති වුවද, විශාල රැකියා ප්‍රමාණයක් නැති වනවා ඇත. විදේශයන්හි රැකියා වල බලාගිය සේවකයින් ගලා ඒම දෙවැනි ලක්ෂණයකි.

එබැවින් කෘෂිකර්මය හරහා, රැකියා නිර්මාණය කිරීමෙන්, හරිත තාවය නැති හමුදාවක් වටා ශක්තිමත් ආර්ථිකයට ගෙන යාමේ බලාපොරොත්තුව, අපි කවුරුත් ඉහලින්ම පිළිගන්නා බව ප්‍රකාශ කිරීමට කැමතියි. මේ සමගම කුඩා පරිමාණයේ ව්‍යවස්ථාදායකයට, අවශ්‍ය කරන ආර්ථික පසුබිම සූදානම් කිරීමෙන් ,රැකියා උත්පාදනය කිරීම වැදගත් වේ. විදේශ විනිමය උපයා පිටරටින් එන ජන කොටස, ව්‍යවසායකත්වය නැඹුරු කළ යුතුය.

තෙල් මිල පහළ ගොස් ඇති අවස්ථාවක, ඩීසල් මිල අඩු කරන්නේ නැත්තේ ඉන්දියාව සමග ඇති කර ගෙන කර ගෙන තිබෙන ගිවිසුම් නිසා බව, ජනතාව දැනුවත් කිරීම වැදගත් වේ. එය පක්ෂවල වරදක් නොවේ. එය ඉතිහාසයේ කළමනාකරණය වරදක් බව, ස්වයං විවේචනය කිරීම වැදගත් වේ.

ඩීසල් මිල අඩු කිරීම හරහා distribution and logistics භාණ්ඩ බෙදාහැරීම අඩු වියදමකට කිරීමෙන් ,හොඳ තුලනාත්මක මිලක් පාරිභෝගිකයාට ඇති කිරීමට, අවකාශය ලබා ගත හැක. සුපර්මාර්කට් Supermarket, පෞද්ගලික ඉස්පිරිතාල, ජනතා අවශ්‍යතාව ඉටු කිරීමට කළ දායකත්වය, ඉතා සීමිත බව අපි කවුරුත් දනී.
තොරොම්බල් කාරයා, මාලු කාරයා, ආප්ප ඉදි ආප්ප වෙළෙන්දා, කුඩා වෙළඳසැල්, ඩිස්පැන්සරිය, පවුල් දොස්තර, දේශීය ඖෂධ වෙළඳසැල්, වින්නඹු අම්මා ආක්‍රමණය කරමින් ඇති වූ සුඛෝපභෝගී වෙළඳසැල සවාරිය, විශාල ඉස්පිරිතාල වුවද ,සෞඛ්‍ය සවාරිය ජනතාවට අහිමි කිරීම වැදගත් වේ. පාරිභෝගිකයන්ගේ සංගම් බිහි කිරීම හරහා, කුඩා පරිමාණයේ සේවාදායකයින් හරහා, අලුත් ජීවන මාර්ග බිහි කළ යුතුයි. පුද්ගලයෙකුගේ ආදායමෙන් සහ ඉතිරි කිරීමෙන් විශාල මුදලක් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වැය වීම, අඩු කිරිමෙන්, හොඳ ආහාර පාන සඳහා වියදම වැඩි කිරීමෙන්, ශරීර සම්පන්න රටක් බිහි කිරීමට, රජය පියවර ගත යුතුය.

කියවන්න:  උගස් බඩු සාප්පුවල උගස්කරන ලද කනකර, සින්න වීමට ඇති අවදානමෙන් මුදවා ගැනීම, රාජ්‍ය බැංකු යුතුකමයි -කුමුදු ෆොන්සේකා

කුමන ආර්ථික ක්‍රමයක් බිහි කරතත් එහි පලවෙනි ඉලක්කය විය යුත්තේ රැකියා බිහි කිරීමයි. රට ණය වී ගැති වෙන ගමන්, වෙනත් ජාතිකයින්ට රැකියා බිහි කරමින්, අපේ ජනතාව අනිත් රටවල වහලුන් කිරීම සාධාරණ නැත.
ග්‍රීසියේ ව්‍යවහාරය ඇති කතා පුවතක් නම් පාලකයාට ලැබෙන වටිනා කරන තෑග්ග චීන ගවේෂකයාට අති සාධාරණ බව ය. 1400 වර්ෂයේ මුස්ලිම් වහලෙකු වන zheng He, ming empirs sdmiral වූ අවස්ථාවේ කියා සිටියේ බටහිරට ගිය චාරිකා හතකදී, රාජ්‍ය නායකයන්ට දුන් තෑගි වලින් සෑහීමට පත්වූයේ, එම නායකයින් ඇති කිරීමට බලාපොරොත්තු වූ නවලෝක පිළිවෙතක් පිළිගත් නිසා ය. අද චීනය, චීනයේ නව මුහුදු මාර්ගය සහ අධිරාජ්‍යවාදය බිහි කරමින් සිටී. අපි කුමන දේ කතා වෙනත්, අප ආර්ථික විද්‍යාව නොදන්නා අය බව කියමින්, (economyths) චීන ව්‍යායාමයට නැතිනම් MCC රට විකුණන, පසු සම්පත් විනාශ කර රට බෙදන වැඩ පිළිවෙතකට එකතු විය හැකි බව පෙනී යයි.

රටේ ආර්ථික විද්‍යාඥයින් රටේ පාලකයා උනන්දු කළ යුත්තේ විදේශ FDI සහ විදේශයන්ගෙන් බලාපොරොත්තුවෙන සේවා ක්ෂේත්‍රය රටට දීර්ඝ කාලීන බරක් නිසා , විදේශකයන් ගේ මුදල් සහ කාර්යක්ෂම සේවා දායකත්වය, ප්‍රධාන ආයෝජනයක් හැටියට සැලකීමෙන්, අද රටේ බංකොළොත් භාවයෙන් ගොඩ වී, ශක්තිමත් සමාජයක් බිහි කළ හැකි බවයි .

කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .