රත්රන් වලින් පිරුණු ඉතාලියේ පැරණි පාළම – The ancient Golden Bridge of Florence (Ponte Vecchio Italy)

රත්රන් වලින් පිරුණු පාළමක් ගැන ඔබ අසා තිබේ ද?

මේ පාළම පිහිටා තිබෙන්නේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේයි.

Ponte Vecchio(Old Bridge) ලෙස හඳුන්වන මෙම පාළමේ ඉදිකිරීම් 13 වන සියවසේදී සිදු කර තිබේ.

මෙම පාළම සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙන්නේ පාළම දෙපසම රත්රන් ආභරණ අලෙවි සල් පිහිටා තිබිම නිසාවෙනි.

අතීතයේදී මෙම පාළම දෙපස රත්රන් ආභරණ අලෙවි සල් වෙනුවට මස් මාංශ අලෙවි සල් පිහිටා ඇති අතර පසුව මෙඩිචි පවුල විසින් මස් මාංශ අලෙවි සල් ඉවත් කර ඒ වෙනුවට රත්රන් ආභරණ අලෙවි සල් ස්ථාපිත කර තිබේ.

මෙම පාළම පිළිබඳ සම්පූර්ණ විඩියෝව ඉහතින් දැක්වේ.

ලක්සර වෙනුවෙන්
සකිල උදයකුමාර
ඉතාලියේ ෆ්ලෝරන්ස්(Florence) නගරයේ සිට

කියවන්න:  Indrasiri Suraweera bags the Award for the Versatile Radio Presenter at 2022 State Radio Awards Ceremony