හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතා, තුෂී වික්‍රමණායක මහත් මිය Life Travler මාධ්‍ය ජාලය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ළමා හිංසනය, ළමයින්ට එරෙහි කුරිරුකම් වැලකීම පිළිබඳ සිය අදහස් දක්වා ඇත.

Q: බොහොම ස්තුතියි අපව හමු වුණාට, සිදත්. යම් කෙනෙක් කියාවි, ඔබ වරප්‍රසාද ලත් පවුලක කෙනෙක් නිසා පොඩි කාලයේ දඬුවම් ලැබෙන්න නැතෙයි කියලා. ඒක ඇත්තද?
ඔබ ශාරීරික දඬුවමට භාජනය වෙලා තියනවද? ඉස්කෝලේ එහෙම ගුටි කාලා තියනවද? ඔබට මොනවද එවෙලේ දැනුනේ? දැන් මොනවද ඒ ගැන දැනෙන්නේ?

A: සුභ දවසක්, තුෂ්. ඇත්ත වශයෙන්ම මාව දුෂණයට ලක් වුණා. මට දෙපාරක් කම්මුලට ගැහුවා පාසලේදී. අද වෙනකම් මම දන්නේ නෑ ඇයි මට පහර දුන්නේ කියලා. ඒක මහ කුතුහලයක්. මම ඒ ගැන සිතන හැමවිටම ප්‍රශ්න කරනවා ඇයි ඒ ගුරුවරු එහෙම දෙයක් කලේ කියලා. අන්න ඒක තමයි මෙතන භයානකම දේ. තමන් නොදැනුවත්වම එවන් දේකට මුහුණ දෙන්න පුළුවන්.

එය දුෂකයාගේ හිතේ ඇති ආතතිය පිට කිරීමක් හෝ ඔහුගේ හිතේ ඇති වෙනස්කම් පිට කිරීමක් වෙන්න පුළුවන්. අපි ඒවා හෙලා දැකිය යුතුයි. එසේ කල හැකි එකම ක්‍රමය ඔබ වෑයම් කරන ක්‍රියාදාමය පමණයි. ළමා හිංසනය සම්පුරණයෙන් නතර කල යුතුයි. අපේ දරුවන්ට එය බලපාන දෙයක් නොවිය යුතුයි.

Q: ඔබ කියන ආකාරයට ශාරීරික දඬුවම්, හිංසන අපේ සමාජයේ සාමාන්‍යකරණිය වෙලා. එය කොච්චර සාමාන්‍යද කිව්වොත් පාසල් තුළ පමණක් නොවේ, ක්‍රීඩාවේ, නැටුම් පංතියේ, ගායනා පංතියේ පවා මෙය සිදු වෙනවා. මෑතකදී අපි බොහොම ඛේදනීය සිද්දියක් දැක්කා. තරුණ රගර් ක්‍රීඩකයෙකුට පොදු ස්ථානයකදී පහර දුන්නා. ක්‍රීඩකයෙක් හැටියටත්, ක්‍රීඩා පාලකයෙක් හැටියටත් ක්‍රීඩා ක්ෂේත්‍රයේ දරුවන්ට හිංසා වලක්වාගැනීමට දිය හැකි උපදේශය කුමක්ද?

A: මුළින්ම අපි හදුනාගන්න ඕන මේ වගේ දේවල් ඇයි ඉස්සරට වඩා දැන් වෙන්නේ කියලා. මම හිතන්නේ ඒක සරලව අපේ නුතන ජිවිත වල ඇති පීඩනය කියලා. පවුලෙන්, යාලුවන්ගෙන්, ගුරුවරුවරුන්ගෙන්, පුහුණුකරුවන්ගෙන්.සෑම කෙනෙක්ම පීඩනයෙන්. සෑම දේකම තරඟකාරීත්වය නිසා අදහා ගත නොහැකි මට්ටමකට පීඩනය නැගලා. ගුරුවරු පවා පුදුම ආතතියකින් ඉන්නේ. එක ගෘහස්ත හෝ ආර්ථික හෝ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.

කියවන්න:  රන්වන් පහන කෝ දැල්ල නිවී ගියා

දැන් කාලයේ මිනිසුන්ට තියන පීඩනය සහ ආතතිය අපි කුඩා කාලයට වඩා බොහොම වැඩියි. අපේ කාලයේ ගුරුවරු හරිම සැහැල්ලුයි. ටියුෂන් තිබ්බේ නෑ දැන් වගේ. ක්‍රීඩා පුහුණුකරුවන් පවා දැන් කාලේ ඉන්නේ ප්‍රථිපල ගන්න පීඩනයක.

වුණාම ඒගොල්ලන්ට සමතුලිතභාවයක් ඇති කරගන්න හෝ කරන්න ඕන මොනවද කියලා වත් හිතාගන්න බෑ. අන්න ඒ නිසයි අපි ඔබ කියූ ආකාරයේ හිංසන, ක්‍රීඩකයෙකුට පහර දෙනවා දකින්නේ. මේ වගේ දේවල් අපේ කාලයේ වුනේ නෑ. මොකද ජීවිතය මීට වඩා සැහැල්ලුයි. අපි කොහොම හරි  ඒ අහිතකර උෂ්ණත්වය අඩු කර ගත යුතුයි. ඒක බොහොම අපහසු දෙයක් වෙන්න පුළුවන්. 

Q: ඔබ කියන්නේ ජයග්‍රහණය හඹා යන්නේ නැතුව ක්‍රීඩාව විනෝදයෙන් කරන්න කියලද?

A: අනිවාර්යෙන්. ඒක තමයි ඉතාමත් වැදගත්. මගේ යොවුන් කාලයේ හරිම විනෝදයි. හරිම සෙල්ලමෙන් ගත වුණේ. පාසල් ඉවර වෙලා සෙල්ලම් කරනවා, හවස 6.30 වෙනකම් සෙල්ලම් කරනවා. බොහොම සැහැල්ලුයි. හැබැයි අද කාලයේ දරුවන් දකිනකොට ඇත්තට මට දුක හිතෙනවා. දරුවොත් සෑම අතින්ම මේ පීඩනයට හසුවෙලා. මෙය හරිම අහිතකරයි. මිනිස්සු මේ පීඩනය, ආතතිය නිසා නොකළ යුතු දේවල් වලට පෙළඹෙනවා.

Q: ලෝකයේ විශාල ප්‍රමාණයක්, 250කට අධික පරීක්ෂණ පෙන්වා දීලා තියනවා පාසලේ ශාරීරික දඬුවමට භාජනය වන දරුවන් පසු කාලීනව යොවුන් ප්‍රචණ්ඩත්වයට, විශ්ව විද්‍යාල වල නවක වදයට වැනි දේවල් වලට යොමු වෙනවා. පසු කාලින ප්‍රචණ්ඩත්වය සහ ළමා කළ ලැබූ ප්‍රචණ්ඩත්වය අතර ඍජු සම්බන්දයක් ඇති බව සනාථ කරලා තියනවා. පසු ගිය වසරේ පවා අපි දැක්කා අපේ තරුණයෝ බොහොම පහසුවෙන් වෙනත් ජන කොට්ටාශයකට එදිරිව ප්‍රචණ්ඩත්වයට පොලඹවා ගත ආකාරය. මෙරට කීර්තිමත් පුරවැසියෙක් ලෙස අපේ තරුණ පරපුරට ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඔබට දිය හැකි අවවාදය කුමක්ද?

A: මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මම මෙතනදී දාර්ශනික ලෙස පිළිතුරු සැපයිය යුතුයි. මම නිතරම කියන දෙයක්, නිතරම මතක තබා ගත යුතු දෙයක් තමයි අපි ඉපදෙන්නේ කිසිම තෝරාගැනීමක් නැතුව. අපි ඉපදෙනකොට නමක් නෑ. ආගමක් නෑ. ජාතියක් නෑ. මුකුත්ම නෑ. ඊට පස්සේ අපිට “ලේබල්” වදිනවා – ආගම, ජාතිය, කුලමල, සැම දෙයක්ම. ඊට පස්සේ අපි “ලේබල්” අවභාවිතා කරනවා.

කියවන්න:  ලෙස්ටර්: සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

මේ අවභාවිතාව නිසයි අවසානයේ බෙදුම්වාදය ඇති වන්නේ. අපිට හිතන්න පුලුවන්නම් මම අපි ඉපදුනා බෞද්ධයෙක් වුණා. ඔහු ඉපදුනා. මුස්ලිම් වුණා කියලා, අපිට නිතරම ඒ ගැන අවබෝධයෙන් ඉන්න පුලුවන්නම්, අපි මීට වඩා එකිනෙකාට ගරුත්වයෙන්, ආදරෙන්, දයාවෙන් සලකාවි.

බෞද්ධයෙක් හැටියට මට ඔබට කියන්න පුළුවන් ඒකම තමයි බුදුන් වහන්සේ දේශනා කලේ. “මනුස්සයෙක්ව ඔහුගේ ආගම, ජාතිය හෝ කුලය අනුව නොසලකන්න. ඔහු බ්‍රහ්ම පුත්‍රයෙක් වන්නේ ක්‍රියාවෙන් පමණයි.” එයයි අපි පිළිපැදිය යුතු ධර්මය. කණගාටුවට හේතුව මෙවන් ආකල්ප නුතන තරුණ පරම්පරාවේ නැති එකයි.

Q: ඔබ හරි ඇණයට ගැහුවේ. අපි 73වන නිදහස් සංවස්තරය සැමරුවා. අපි නිතරම කියනවා මේ රට දරුවන්ට කියලා. දරුවෝ තමයි අපේ අනාගතය කියලා. නමුත් අපි දරුවන් ආරක්ෂා කරගන්න අපොහසත් වෙලා නිසා ළමා ආරක්ෂණය ජාතික අර්බුදයක් වෙලා. ඒ අර්බුදය විසඳා ගැනීමට රජයට කළ හැකි එක් දෙයක් සහ පුරවැසියන් ලෙස කළ හැකි එක් දෙයක් යෝජනා කරන්න.

A: පුරවැසියන් ලෙස අපි නිතරම රජය බලාත්මක කල යුතුයි. මම හිතන්නේ නීති වෙනස් කළ යුතුයි. දුෂකයින් මෙලෙස දරුවන්ට හිංසනය නොකරන්න, පාසල් තුළ හිංසනය නතර කරන්නත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එහෙම වුනොත් මිනිස්සු දැනුවත් වේවි මේවා වලින් ගැලවිලා යන්න බෑ කියලා. ඒ වුණාට රජයේ ස්ථාවරය තවමත් අපැහැදිලියි. නමුත් මම අවංකවම සිතනවා ඔබගේ ප්‍රයත්නය සාර්ථක වේවි. ඔබට සුභ පතනවා.

අද සංවාදයේ යෙදුනේ නොබල්ස් ආයතනයේ සභාපති, හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩක, සිදත් වෙත්තිමුනි මහතා