කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .
රටක් අවංක ව පාලනය කිරීම අපි සිතන තරම් අමාරු දෙයක් නෙවෙයි . එයට විශේෂ නිර්ණායකය වන්නේ, තමන්ගේ පෞද්ගලික සම්පත් සහ සහ රාජ්‍ය සම්පත් කියන එක. සුඩාන ජාතික M O ඒබ්‍රහිම් නැමති ලක්ෂපතියා, ඩොලර් මිලියන පහක් තෑග්ගක්, යහපාලනය නියමිත කාල සීමාවක් තුළ ඉටු කර, දේශපාලනයෙන් සමු ගත් නායකයෙකුට දීමට තීරණය කළද, අද වනතුරු එවැනි නායකයෙක් බිහි වුණේ නැත.
Brides and kick back. යහපාලනය වෙනුවට, දූෂිත සහ වංචනික පාලකයින් ගේ ක්‍රියා දාමයන් ඉතිහාසය පුරා, රාජ්‍ය ණයගැති කළ ආකාරයත්, දඩබ්බර පාලනයත්, නීතියට වැඩිය අවනීතිය, සමාජ සංහිදියාව විනාශ කිරීමත්, මම සලකන්නේ (corona) කොරෝනාව ට පෙර තිබූ කොරෝනාව බවයි.
රටක අභ්‍යන්තර යුද්ධයක ජයග්‍රහණයක් නොමැති බව තේරුම් ගැනීම සේම, corona වෙන් ජයග්‍රහණයක් කිසි විටෙක නැති බව තේරුම් ගැනීම වැදගත් ය. මෙම වෛරසය ඉතාමත් සුළු පිරිසක් වන ලෝකයේ බලවතුන්, ජනතාව ඉදිරිපිට මෙලෙච්ඡයින් බව පෙන්වා දීම, කොරෝනාවෙහි ජයග්‍රහණය නො වේ ද? ඉතා මෑත කාලයේදීම වෛරසය අපෙන් සමු ගන්නවා ඇත. අද සැඟ වී සිටින දූෂකයින් ඔවුන් ගේ බලය සඳහා, ජනතාව ඉදිරියට එනු ඇත. අද මාධ්‍ය පෙන්වා දෙන E-corona හරහා භෞතික විනාශය, රටේ අනන්‍යතාව ය, පාරම්පරික සිරිත් විරිත් නැවත ආරක්ෂා කරන බව පොරොන්දු දී ම, ඔවුන්ගේ ඡන්ද ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා ලියවෙනු ඇත.
බටහිර රටවල් දේශ සීමා ඉක්මවා ,වංචනික මුදල් තැන්පත් නිරීක්ෂණය කර, දූෂිතයින් නීතියට යට කරන බව පෙනී යයි. අපේ රටට අයිති මෙවැනි තැන්පත් රටට ගෙන ආ යුතුය. අප රටේ බුද්ධි අංශය, විගණකාධිපති ඇතුළු විවිධාන ක්‍රමය, රටේ නීතිය විධිමත් සහ වේගවත් ක්‍රියාදාමයකට පත්වී ,විදේශයන් හි ලාංකිකයන් තැන්පත් කර ඇති මුදල් ද, ගෙවල් දොරවල් සහ වාහන ද, වෙන්දේසි කර, ඒ මුදල් ලබ ගත යුතුය.
සමාජ ජාලයේ රූප දර්ශනය කර ඇති නිසා, බුද්ධි අංශයට මේ පිළිබඳව සොයා බැලීම අපහසු කාර්යයක් නොවේ. කොරෝනා වෛරසය සඳහා බුද්ධි අංශය කටයුතු කළ ආකාරය, අප අගය කරන අතර, මෙවැනි රාජ්‍ය සම්පත් භාවිතා කරන පාලකයින්ගේ සහ වංචනික ව්‍යාපාරිකයින්ගේ රාජ්‍ය ද්‍රෝහී ක්‍රියා දාමය හෙළිදරව් කිරීම, මාධ්‍යයට නැතුව ,රජයේ අධීක්ෂණයට පත් කිරීම වැදගත් වේ.
අද දේශීය ආර්ථිකය දියුණු කිරීම සඳහා විශේෂයෙන් අපනයනයෙන් කරන අවශ්‍ය නොවන සමහර භාණ්ඩ, මාස හයකට වැඩි කාලයක් තහනම් කිරීම වැදගත් වේ. රට තුළ පවත්නා සුඛෝපභෝගී වාහන සඳහා, සියයට සියයක යළි බද්දක් අය කිරීමත්, එය කළ නොහැකි අවස්ථාවල දී ,එම වාහන ඔක්ෂන් කිරීම වැදගත් වේ.
ශ්‍රී ලංකාව තුල , මෙම සෝබන ප්‍රතිවිපාකය විනාශ කිරීම හරහා, සංහිඳියාවක් ඇති සමාජයක් බිහි කිරීම පහසු වනු ඇත . ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ ඇති වූ, යහ පාලනය විනාශකරමින්, පත්‍රිකා හරහා බෙදා දුන් ඉඩම් පිළිබඳ, රටේ අංක එකේ වංචාව නිරීක්ෂණය කර, දඬුවම් කිරීම වැදගත් වේ .මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල ඉඩම් සහ කැලෑ මංකොල්ලයක් සිදුවන බව පෙනී යයි.
Uber ත්‍රී රෝද, pick me, කැන්ගරු වැනි ප්‍රවාහන සේවය අහිමි තරුණ සේවකයින්ට රැකියා බිහි කිරීම ඉතාම වැදගත් වේ. අද රටට තරුණයන්ගේ ශ්‍රම දායකත්වය අවම කරන ප්‍රවාහන ක්‍රමයක් බිහි කර ඇත. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය, විධිමත් ප්‍රවාහන පද්ධතියක් බිහි කරන ගමන්, මෙම තරුණයන්ට රැකියා පහසුකම බිහි කළ යුතුය. ත්‍රීරෝද වාහන ප්‍රතිරෝධයනයට, තාක්ෂණය උනන්දු කළ යුතු ය. ජාතික ප්‍රවාහන පද්ධතිය දියුණු කරන ගමන් පෞද්ගලික ප්‍රවාහන ඒකකය ඇති අඩු පාඩු, විධිමත් කළ යුතු ය. නිදහස් පෞද්ගලික අංශයේ ප්‍රවාහන බස් සඳහා අය කරන, මාර්ග පිරිවැය අඩු කර, ප්‍රමිතියක් බිහි කළ යුතුය.
දරුවන්ගේ පාසල් සඳහා අවශ්,ය තාක්ෂණික බුද්ධිය සහ ප්‍රමිතිය , මෙම වෛරසය අශ්‍යතාවයක් බව පෙන්වා තිබේ. දරුවාගේ විනය ආරක්ෂා කරන ගමන්, තාක්ෂණය හරහා හොඳ අධ්‍යාපනයට ශ්‍රේණිගත කිරීම ,අපේ වගකීමකි. මෙම තාක්ෂණය දේශීය තාක්ෂණවේදීන් උපයෝගී කරගෙන ,අධ්‍යාපන ක්‍රමයට රජයේ අයිතිය සහ පාලනය යටතේ කෙරෙන, ERP සිස්ටම් එකක් බිහි කළ යුතුය. එය සියලු පාසැල් වලට අනිවාර්ය කළ යුතුය . සතියකට දරුවන් පාසල් යන ප්‍රමානය අඩු කළ යුතු ය. ටියුෂන් පන්ති ක්‍රමය සම්පූර්ණයෙන් නැති කළ යුතුය. දරුවන් සහ දෙමව්පියන් එකට එකතු වී, දක්ෂතාවයන් නිවෙස් පරිසරයේ ප්‍රවර්ධනය කිරීම වැදගත් වේ.
ඉන්දියාව ඊශ්‍රායලය මෙන් computer තාක්ෂණය දියුණු කිරීමෙන්, quantum computer රට තුළ බිහි කිරීමට අවකාශය ඇති කළ යුතුය. 5G සහ AI ජාත්‍යන්තර ව ඉදිරියට ගෙන යන්න තාක්ෂණය අභිබවා යාමට, අපේ තරුණ පරපුර උනන්දු කළ යුතු ය. Forensic information, cyber security, ලෝකයේ ඉදිරියෙන් ම සිටින රටක් බවට පත් ව සිටීම,ට අවශ්‍ය කරන පසුබිම සෑදිය යුතුය
අද සේවකයින්ගේ වැටුපෙන් අටෙන් එකක් වත්, ආහාර පාන සදහා පාවිච්චි නොකරයි. දරුවන් ගේ අධ්‍යාපනය, පොලී මුදල්, කුලී මුදල්, සෞඛ්‍යය ,ප්‍රවාහනය, බල ශක්තිය සංචාරය සහ සන්නිවේදනය සඳහා වියදම් කරයි. මෙම වෛරසයෙන් පසු ,සේවා යෝජකයින් ගේ සිතුවිලි වෙනස් වනු ඇත. තාක්ෂණය භාවිතය, නම්‍යශීලී දිනයන් සහ කාර්යක්ශම අඩු කාලයක් වැඩ කිරීම, ඒ සඳහා අද භාවිතය, වීදුරු කුඩු කාමර වෙනුවට විවෘත වැඩ බිමක් විවෘත කිරීම, සේවකයින් අතර සහයෝගය තා සම්බන්ධතාව මුණගැසීම, එ අතර අක්ෂි දුරකථන අවලංගු කිරීම වැනි දෑ, බලාපොරොත්තු විය හැක්කකි. මේ හරහා කාර්යාල පිරිවැය, ගමන් වියදම්, ගෙවන බදු මිලත් අඩු කරන ගමන්, කාර්යක්ෂමතාවය වැඩි කරන ,නූතන කාර්යාල පරිශ්‍රමයක් බිහි කිරීම වැදගත් ය. අද වෛරසය, කාලයේ මෙන්ම සියලු ගෙවීම් ලියාපදිංචි වීම්, අනාගත ඡන්ද ය මෙන්ම සියලු ගනුදෙනු වංචාකාරී වීම වැළැක්වීමට ,සාක්ෂිකරණය විය යුතු ය. මේ හරහා ජාතියක් හැටියට විශ්වාසයක් බිහි වන අතර, කාර්යක්ෂම වැඩ බිමක් වනු ඇත . දේශිය ආදායම් බදු, ආනයන අපනයන බදු, රේගු කටයුතු, සීසීටීවී කැමරා ඉදිරියේ කෙරෙන ආකාරයට, විධිමත් කළ යුතුය. මේ හරහා වන වංචාවන්, කුඩු ජාවාරම් හා සමාන ලෙස දඬුවම් සැලකිය යුතු ය. එල්ලුම් ගස නැවත සමාව දිය හැකි වරදක් නොවිය යුතු ය.
මාධ්‍ය රෙගුලාසි හරහා ,දේශීය භාණ්ඩ ප්‍රචාරය කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දීය යුතුය. සංචාරක හෝටල් වල ගෙවීම්, විදේශ විනිමයෙන් ගෙවීමට සූදානම් කළ යුතු ය. දේශීය සංචාරය හුදෙක්ම අධ්‍යාපන සංචාරයක් බවට වග බලා ගත යුතුය. ශ්‍රී ලංකන් ගුවන් ආයතනය, කල් නො යවා, අද අඩු මිලට ගත හැකි අලුත් අහස් යාත්‍රා එකතු කිරීමට, වෙර දැරිය යුත්තේ, එහි සේවකයින් සමඟ එකඟතාවයක් ඇති ව, සාධාරණ වැටුප් පද්ධතියක් ඇති කරන ගමන් ය. මේ යටතේ ආසියාවේ හොඳම ගුවන් නියමුවා කර ගන්නා අදහසිනි.
විදේශයන් හි රැකියාවක් නැතිව, මෙ රටට ආපසු එන ශ්‍රමිකයින්ගේ අත්දැකීම් සහ නිපුණත්වය රටේ ආර්ථිකයට උදව් වනු ඇත. නුවර කොළඹ පාර හැදුවේ සුද්දෝ නොවේ. මැදපෙරදිග ආර්ථිකයන් බිහි කළේ ද, අපේ ශ්‍රම හමුදාව බව, ආර්ථික විශ්ලේෂකයින් තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් ය. එම රටවල් වල, වාරි මාර්ග ගොඩනැගිලි ගෙවල් දොරවල් බල ශක්තිය, සන්නිවේදන පද්ධතිය, එපමණක්ද නොව සැලසුම්ගත ආර්ථික බිහිකිරීමටද ,ඔවුන්ගේ දැනුම සහභාගි වූ බව දන්වා සිටිමි . රට හැරගිය බුද්ධිමතුන් නැවත ලංකා ආර්ථිකයට සහභාගී කර ගැනීමට, කොරෝනාව ඉදිරිපත් වී ඇත. යුද්ධය අවසානයේ එය නො වී ය.
ශ්‍රම ආයෝජනය ,මුදල් ආයෝජනය හා සමානව වැදගත් බව, තේරුම් ගැනීම, රටවල්වලට අත පාන ආර්ථික සැලසුම් නොපිළිගන්නා තත්වයට පත් වෙයි . අද IMF වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වල සහාය අවශ්‍ය ව ඇත. එහෙත්, රජය කටයුතු කළ යුත්තේ, අපේ ආර්ථික සැලැස්මක් අනුවයි. අද ජනතාව ඉදිරියේ නිදහස් ආර්ථිකය භූගෝලකරණය, විද්‍යුත් තාක්ෂණය භාවිතා නොකිරීම, ආනයන මෙන් අපනයනය දෙගුණයක් වීම ,95% බෙහෙත් පිටරටින් ගෙන ඒම, විදේශ ණය ප්‍රමාණය සහ, ගත් ණය ප්‍රමාණය දේශීය ආර්ථිකයට ඇති බලපෑම, අධ්‍යාපන ක්‍රමය බාල්දු කිරීම, ප්‍රවාහනය ක්‍රමය අඩුපාඩුකම් කතා කිරීම, corona ඉදිරියේ supermarket පලා යාම, විශේෂයෙන් දේශපාලනඥයින්, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය වේදීන් පිටුපස සැඟවී සිටීම, මෙතෙක් කල් රටක් පාලනය තිබූ දුර්වලතාවයන් ස්වයං ස්වයංවිවේචනයක් හැටියට සලකා, දේශපාලනඥයන්ට පොදු සමාවක් දී, දේශපාලනයෙන් සමු ගන්නා ලෙස ඉල්ලා සිටීම වැදගත් වේ. ගොවියන් ද, කම්කරුවන් ද, සංඝයා වහන්සේ ද, ත්‍රිවිධ හමුදාව ද, රටේ ශක්තිය විය හැක්කේ, සුදුස්සාට සුදුසු තැන දීමෙන් පමණක් බව, පිළිගත යුතු ය. එමෙන් ම භෞතික සම්පත් ආරක්ෂා කිරීම හරහා, මතු පරම්පරාවට නැත්නම් ඔබේ දරුවාට, යමක් ඉතිරි කළ යුතු ය. ධීවර ව්‍යාපාරය මිනිරන් , බල ශක්තිය සහ වැවිලි කර්මාන්තය පිළිබඳ ව, විශේෂ ලිපියක් ලිවීමට අනාගතය බලාපොරොත්තු වේ.
ආගම් වාදී, ජාතිවාදී, දේශපාලන පක්ෂ තහනම් කළ යුතු ය. විධිමත් විනිමය පාලනයක් ඇති කිරීම හරහා, ඔවුන්ට මුදල් ලැබීමේ හැකියාව නැති කළ යුතුය. පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව අඩු කරන ගමන්, උඩ සිට පහළට නිල තන්ත්‍රවාදය අඩු කළ යුතු ය.පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන, නිදහස් වූ, අඩු ශ්‍රම බලකායක්, ඒ හරහා ඇති කරන ගමන්, නීතිය සහ රීතිය ,යහ පාලනයට පත් කරන ගමන්, අමතර මුදල් සෙවීමේ යාන්ත්‍රණයක්, නොකර රටට සාමය ගෙන දෙන ,පවුල් වලට සහනය ගෙන දෙන, යාන්ත්‍රණයක් කළ යුතුය.
රටක සැලැස්මකට තවත් සියලු දේ ඇතත්, ව්‍යවස්ථාව පිළිබඳ ව කතා කිරීම ද වැදගත් වේ. ව්‍යවස්ථාව ඉතිහාසයේ වෙනස් කළේ ,ජනතාවගේ අශ්‍යතාවයකට නොව දේශපාලනඥයන්ගේ පැවැත්මට පමණි. උගතුන්ගේ සහ වියතුන් ගේ සහභාගීත්වයක් ඇතිව, ව්‍යවස්ථා සංශෝධනයන් වෙනුවට ,අලුතින්ම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම වැදගත් වේ.
අද corona වේ ප්‍රතිඵලයක් හැටියට, රැකියා අහිමි ව අවතැන් වී ,පිටරට ජීවත් වෙන අය මුලික කොට , නිරෝධාන වැඩපිළිවෙල වැඩපිළිවෙළ සකස් .කොට ඔවුන් ගෙන්වා ගැනීම අපහසු කාරියක් නොවන බව ,මා හොදින් දනි. මේ නිසා අතිගරු ජනාධිපති තුමාගෙන්, සියලු රාජ්‍ය නිලධාරීන් ඉල්ලා සිටින්නේ, ඒ වෙනුවෙන් දැන්වත් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසයි..
කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .