කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .

රට අවදානම් තත්ත්වයක  තිබිය දී තමා ගත් අවදානම පිළිබඳව මොනවා කියන්නද? 1970 ට ප්‍රථමයෙන් අපේ  මව්බිමෙන්  රට ගිය ඇත්තෝ  යයි හඳුන්වන විට අප සිතට  එන්නේ කුමක්දැයි මා සඳහන් කළ යුතු නැත.

 මෑත අතීතයේ  රට ගිය ඇත්තෝ දුකින් මිදී, යහජීවනය තමාට මෙන් ම, තමාගේ පවුල් වලට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන්, සිය දහස් ගණනින් ගමන් කළේ, කුඩා මළුවක් අතින්  ගෙන ය. බොහෝ විට යැපෙන්නේක්ව සිටි ඔහු රට ගිය දා සිට, ඔවුන්ගේ යැපෙන්නන්ට ජීවිතයක් දුන්නේ නැද්ද ? මුලින් ගිය ගෘහ සේවකයින් හා සේවිකාවන් තනි වූයෙ නො දන්නා කාන්තාර වල වන අතර, සමහරුන්ට ක්ෂේම භූමි වල සේවය ද ලැබුණි. දහඩිය මහන්සිය නොබලා, අව් රශ්මිය නොතකා, සමහර විට ශාරීරික තාඩන පීඩන වලට ද මුහුණ දී සේවය කළේ, විවිධ විචිත්‍ර සංකීර්ණ බලාපොරොත්තු තබා ගෙන බව, ඔබට විශ්ලේෂණයකින් තොර ව වටහාගත හැකි බව, මා දන්නා බැවින් එය විග්‍රහ කිරීමට උත්සාහ නො ගනී.

රට ගිය ඇත්තෝ, විප්ලව කාරයින් දැක්කේ පරපුටු  ලෙස ය. සමහර ගීත වල සඳහන් කර තිබුණේ පර ගැතියන් ලෙස ය. රටේ වීර පුතුන් ලෙස දුටුවේ, සටන් බිමේ සෙබලා පමණි. සෙබලා වෙනුවෙන් සටන් පාඨ කුමට ද ? දෙපිලේම සටන් වැදුනේ මව්බිමේ පුරවැසියන් බව අපි කවුරුත් දනිමු. වෙනසකට ඇත්තේ, එකෙක් අනිකා  ප්‍රතිවාදියෙක් , ත්‍රස්තවාදියෙක්, නැති නම් අවස්ථාවාදියෙක්, හෝ  සතුරු සේනාව හැටියට තේරුම් ගැනීමටයි.

රට ගිය උන්  එවන ලද  විදේශ විනිමයෙන් ගිනි අවි, මෝටර්, යුද ටැංකි, යුධ යාත්‍රා, සුඛෝපභෝගී වාහන, කෘෂිකර්ම උපකරණ, සංවර්ධනයට තාක්ෂණය, අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපොළ සහ විදේශ චාරිකා සහ අධ්‍යාපනයට යොදා නොගත්තේද ? වේදිකාව සරසා ඇත්තේ, අදත් එදා මෙන් හපන්කම් වීරකම් සහ පුරසාරම් දොඩවමින්, ඔවුන්ගේ අරගලයට අප අනුගාමිකයන් කරගැනීම පමණි.

කියවන්න:  රට ගොඩනැංවීම සඳහා ආර්ථික සැලසුම කෙසේ වියයුතුද ?- කුමුදු ෆොන්සේකා (පළමු කොටස )

ලෝකයේ විශිෂ්ටතම හොර මුදල් ඇමතිවරයා, වියවස්තාව ද වෙනස් කරමින් විදේශ විනිමය පොලියට, බද්දක් පැනවූ බව අප මතක අප මතක තබා ගත යුතුයි . None residence citizens හැදින්වීම සංශෝධනයක් කියලා කළේ, මැද පෙරදිග සේවකයින් බද්දකට යටත් කිරීමයි. පසුගිය කාලසීමාව තුළ, මැදපෙරදිග සේවකයින්ට බද්දක් දමන ගමන් VAT නිදහසක් ඇති කළේය. නැවත VAT බද්ද පනවන බවට ලකුණු පහළ වී ඇත. විදේශ රැකියා නියුක්ති යනු ඔවුන්ගේ NRFC වලට යම් කිසි බලපෑමක් විය හැකි බව මට පැහැදිලිය.

මෑතක දී ගෙන ආර්ථික ප්‍රතිපත්ති අතර

රුපියල් 5000 දීමනාව දුක් බරින් නිදහස් කිරීමට ඉතාම දුප්පත් පවුල් වලට ලබා දීම.

පොලී අනුපාතය අඩු කිරීම

හෙලිකොප්ටර් යානා

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම

ණය වාරික ගෙවීම  පමා කිරීම

විදුලි බිල පමා කිරීම

මිලියන දෙකහමාරක් මැදපෙරදිග සහ විදේශගතව සේවය කරන සේවකයින් ගේ ප්‍රශ්නයට කිසිම රුකුලක් දී නැත. අද දෛනික අවශ්‍යතාවයන් සඳහා, සිය පවුල් වලට යන වියදම ඉහල ගොස් ඇත.

අද බලාපොරොත්තු වන්නේ car sale කාරයන්ට, ඒජන්සි කාරයන්ට, නිලතන්ත්‍රවාදී න්ට බලපෑමක් නොවන ආකාරයේ ෆිස්කල් ප්‍රතිපත්ති ගෙනඒමයි . VAT tax හරහා භාණ්ඩ ඉහළ දැමීම හා තීරු බදු හරහා විදේශ රැකියා නියුක්ති ඳ ද, බලපෑම් කරමින් රාජ්‍ය ආදායම් වැඩි කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීම බලාපොරොත්තු විය හැක .

මෙය වෙනුවට අප යෝජනා කරන්නේ,

 රුපියල් ලක්ෂයකට වැඩිය වැටුපක් ලබන රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප සියයට 30 කින් අඩු කිරීම.

ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සියයට 15 ක වැටුප් අඩු කිරීම.

රජයට අයිති 1500cc ඉහළ වාහන විකුණා දැමීම.

පාරිභෝජනය සඳහා ගෙනඑන ආනයන බදු වැඩිකර දේශීය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ඇති කිරීමට අවශ්‍ය කරන pocketing ක්‍රම canning, ශීතකරණ ක්‍රම දියුණු කිරීමට  සඳහා අවශ්‍ය අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ සඳහා බදු නිදහස් යෝජනා කිරීම .

උගස් කරන ලද රත්තරං රජයේ විසින් පොලී රහිතව නිදහස් කිරීම. මේ හරහා රජයේ  රන් සංචිතයත  බිහිකර හැක.

කියවන්න:  දියවැඩියාව බිංදුවට බස්සන කෝවක්කා කරල කරාපිටියේ හැදූ හැටි

යූරියා, තාර, gas වෙනුවට තේ සැපයීමෙන් ද්විපාර්ශ්වික ගිවිසුම්  බිහි කිරීම.

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා Qatar  Airways and Emirates air සඳහා තාවකාලික open Air space සාකච්ඡාවට භාජනය කිරීම.

Supermarket සඳහා ඇති ආදායම් බද්ද ඉහළ දැමීම.

Livelihood සඳහා රැකියාවල් දියුණු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සලකා බැලීම .

මැණික් ඇතුළු සියලු භෞතික වස්තූන් අපනයනය කිරිම විශාල බදු පැනවීම, ගල් සහ වැලි රාජ්‍ය පරිපාලනය යටතේ පමණක් ක්‍රියාත්මක කිරීම.

විශාල ලාභ ආදායම් ලබමින් තිබූ ආයතන කළ සේවක කප්පාදු සොයා බලා සේවකයින්ට සාධාරණයක් ද ආයතන වලට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ද .

95% ක් බෙහෙත් පිටරටින් ගේන අවධියක දේශීය හෙදකම් දියුණු කිරීම.

පෞද්ගලික රෝහල් පාසල් සහ හෝටල් ආදායම් බද්ද වැඩි කිරීම.

අත්‍යවශ්‍ය සේවාවන් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා මිල පාලනයක් කිරීම අවශ්‍ය වේ.

රජයේ  සහ හමුදාවේ ඉහළ වැටුප් ලබන නිලධාරීන්ගේ වැටුප් අඩු කිරීමක යෝජනාවක්

ආර්ථික ප්‍රතිපත්තිය විය යුත්තේ,

පාරිභෝගිකයා ශක්තිමත් කිරීමෙන් ගොවීන් සහ නිෂ්පාදකයින් සඳහා ඉල්ලුමක් බිහිකිරීමත් තාවකාලිකව ඇතිවන මිල උද්ධමනය පාලනය කිරීමත් රජයේ අධි වියදම් කපා හැරීමත්රැකියා සම්පාදනය සමග ශ්‍රම ආයෝජනය සහ ශ්‍රම ධාරිතාවය වැඩි කිරීමයි.

කඳු දියඇලි මුහුදු සම්පත් භූ ජල සම්පත් ගස්කොලන් ඖෂධ සම්පත් දේශීය සංස්කෘතිය ආරක්ෂා කරමින් ආර්ථික සැලසුම් සෑදීම කළ යුතුව ඇත. එය පරම්පරාවෙන් පරම්පරාවට හිමිදේ බව පාලකයා දැනගත යුතුය. අපට පක්ෂයක් නැත වාරණයක් නැත ඇත්තේ භූමියක් සහ රටක් පමණි.

කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .